(Symbolic violence)
"තනි තටුවෙන් පියාඹන්න"යන චිත්‍රපටය ශ්‍රී ලාංකික සිනමාවත් , සමාජයත් අන්දෝලනයට ලක්කල සිනමා පටයක් විය.එක් අතකින් එය ස්ත්‍රී නිරුවත විවුර්තවම භාවිතා කල එක් සුවිශේශි අවස්තාවක් ද වේ.මෙය හුදු සදාචාරය පිලිබදව එපිටට නොගොස් "හොදද නරකද"වැනි තැනක නතර විය.
ඒ අනුව "තනි තටුවෙන් පියාඹන්න"චිත්‍රපටය තුල වඩාත් හොදින් නිරූපනය වන්නේ "symbolic violence" නැතහොත් "භාශාව තුල පවතින ප්‍රචන්ඩත්වයයි."චිත්‍රපටයේ පවතින කතා සාරාංශය වන්නේ ශරීරයෙන් ස්ත්‍රියක් වන තැනැත්තියක් පිරිමි වෙස් ගෙන පිරිමියෙකු ලෙස රග දැක්වීමයි.ඇය පිරිමි රැකියාවක් කරන අතර ස්ත්‍රියක් ද විවහ කරගනී.යම් අහබු සිදුවීමක් නිසා ඇගේ මේ වෙස් මාරුව හෙලිවේ.මෙම සිදුවීමට ඇය අවට සමාජය ප්‍රතික්‍රියා දක්වයි..මෙම ප්‍රතික්‍රියාවලට ඇය(ඔහු)ප්‍රතිචාර දක්කවන්නේ සමාජය ඉදිරියේ නිරුවත් වීමෙනි..
ඒ අනුව ඊනියා ශිෂ්ඨ සමාජයක් තුල ඇති සංකේතීය ප්‍රචන්ඩත්වය මෙ තුල ඉතා හොදින් නිරූපනය වේ.එනම්,තනි ස්වාභාව දර්මයක් තුල පවතින ලෝකය බෙදා වෙන්කරන්නේ භාෂාව නැත්නම් සංකේත පද්දතිය තුලිනි.ආගම,ජාතිය,කුලභේද,වංශය,ලිංගය ආදී සංකේත ලෙස ලෝකය නම් කරනු ලබන්නේ සංකේත මගිනි.අලුත ඉපදෙන දරුවෙකුට සමාජයේ නීති රීති සම්ප්‍රදායන් හෝ චාරිත්‍ර අදාල නැත.ඒ නිසා දරුවාව ශිශ්ඪ සමාජයට ඇතුලත් කර ගැනීම සිදුකරන්නේ බාහිර සමාජයෙනි.එනම් ඒ ඉහත දැක්වූ සංකේතකරනය තුලිනි.නැත්නම් එය ලදරුවා තුලින් පැන නගින "ස්භාවික ක්‍රියාවලියක්" නොවේ.එය ස්වාභාව දර්මය තුල ඊට අයිතිව ජීවත්වන දරුවා මත "බලහත්කාරයෙන්" පටවන ලද බාහිර බලපෑමකි.
ඒ අනුව" තනි තටුවෙන් පියාඹන්න" යන චිත්‍රපටය තුලද සිදුවන්නේ මෙම ක්‍රියාවලියයි.කතා නායිකාවගේ ස්භාවික ශරීරය ස්ත්‍රි එකකි.එමනිස ඇය භාශාව මගින් සමාජයට ඇතුලත් කර ඇත්තේ "ස්ත්‍රියක" ලෙසය.ඒ සමගම ඇගේ හැසිරීම ඇදුම් පැලදුම්ද තිරනය කරන්නෙ බාහිර පරිසරයේ ඉහත කියූ සංකේත මත භාශාව මුල් කරගෙනය.මෙම චිත්‍රපටයේ කතා නායිකාව විසින් පිරිමි වෙස් ගැනීම තුලින් ප්‍රතික්ශේප කරන්නේ ඉහත භාශාව මගින් ලබාදෙන අනන්‍යතාවය යි.භාහිර සමාජයේ සාම්ප්‍රදායික ව ලබාදෙන අනන්‍යතාවය ප්‍රතික්ශේප කරන ඇය ඒ වෙනුවට පිරිමි අනන්‍යතාවයක් තමා විසින්ම කැමැත්තෙන් නිර්මාණය කර ගනි.
කතාවේ මුල් කොටසේදී ඇය පිරිමියෙකු ලෙස නිර්මාණය කරගත් අනන්‍යතාවය සාර්තක වූ නිසා එය ව්‍යාජ එකක් වුවත් එය සමාජය තුල ව්‍යාජයක් ලෙස නිරාවරනය වන තුරුම එය සත්‍ය හා සාර්තක,සක්‍රීය එකක් ලෙස ක්‍රියාත්මක වේ.මේ කිසිම අවස්තාවකදී එය සමාජයට ගැටලුවක් නොවේ..නමුත් අහබුවක් නිසා ඇගේ නිවැරදි අනන්‍යතාවය හෙලිවීම තුල ඒ දක්වා ඇය ජීවත් වූ සමාජයම ඇයට එරෙහි වේ.ඒ සමගම "ඇය එම සමාජයට අනුගත විය යුතුය"යන්න බලකරයි. මේ අනුව ඇය එතෙක් එම සමාජයත් සමග ගෙන ගිය සියලු සාමකාමී සභදතා බිද වැටේ.ශිෂ්ඨ සමාජයක් තුල පවතින නෙසර්ගිකව ඇති "ප්‍රචන්ඩත්වය(symbolic violence )"දර්ශනය වේ.
ඒ අනුව පෙනී යන්නේ,
"සමාජය වෙතින් ලබාදෙන අනන්‍යතාවය ප්‍රතික්ශේප කිරීම යනු, සමාජය වෙතින් ප්‍රතික්‍රියාවක් ලෙස නිදහස් කරන ප්‍රචන්ඩත්වය නිර්මාණය කිරීමකි.."යන්නයි.
-සදලි කොස්තා-



